කොවිඩ් එන්නත ලබාගත් සජිත්ගෙන් ෆේස්බුක් සටහනක්

(කොළඹ, ලංකාපුවත්) – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ(03) දිනයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

තමන්ට කොවිඩ් ආසාදනය වී සිටියදී ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත එන්නත ලබාගත් බව විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.

එන්නත ලබාගැනීමට අපොහොසත් වුවහොත්, නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත්, එය මාරාන්තික විය හැකි බවත්, වෛද්‍යවරුන් තමන්ට තරයේ අවවාද කළ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.

තමන්ගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව වෛද්‍යවරුන්ගේ නියමයට එකග වූ බව ද විපක්ෂ නායකවරයා සිය ෆේස්බුක් ගිණුමේ වැඩිදුරටත් සටහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *