ඉන්දීය විදේශ ලේකම් එක්සත් ජනපද සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා ලබන සතියේ ඇමරිකාවේ සංචාරයක නිරත වීමට නියමිතය, මෙහිදි බහුපාර්ශ්වික මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා සඳහා අවධානය යොමු කෙරේ

සිකුරාදා පැවති ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවේදී මේ බැව් සදහන් කලේය.

ඔහුගේ සංචාරය පිළිබඳ විස්තර ලබා දෙමින් විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසුවේ, “මැදපෙරදිග පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය විවෘත සාකච්ඡාව ද ඇතුළුව” එක්සත් ජාතීන්ගේ සහාපතීත්වය, අවසන් සැසිවාරයට අදාළ සිදුවීම් සඳහා විදේශ ලේකම් සහභාගී වන බවයි.

ඉන්දියාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සංක්‍රමික සභාපති ධුරය අගෝස්තු මාසය සඳහා දරණු ලබයි.

විදේශ කටයුතු ලේකම්වරයා නිව්යෝර්ක්හි කටයුතු වලින් පසුව ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා වොෂිංටන් ඩීසී වෙත පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය.

මීට පෙර, ඉන්දියාවේ විදේශ කටයුතු ඇමති එස් ජයිශංකර් මහතා අගෝස්තු 16 දා සිට සිව් දිනක් එක්සත් ජනපද සංචාරයක නිරත වූ අතර එහිදි ඉන්දීය සභාපතිත්වය යටතේ කලාපීය ත්‍රාස්ථවාදය පිටු දැකීම පිළිබඳව සාකච්ඡා කරණු ලැබීය.

සාමය රැකීම පිළිබඳ විවෘත විවාදයකට ද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී ජයිශංකර් සහභාගි විය

India News Network ඇසුරිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *