වීසා ගාස්තු සහ දඩ මුදල් සංශෝධනය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) –නව ආගමන හා විගමන රෙගුලාසි අනුව වීසා ගාස්තුව හා දඩ මුදල් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාව තුල වීසා නොමැතිව හෝ වීසා කාලය ඉක්මවා රැදී සිටීමට වීසා ගාස්තුවට අමතරව ඇමෙරිකානු ඩොලර් 500 ක් අයකරනු ලබන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එසේම, සාර්ක් කලාපීය රටවල් සඳහා විද්‍යුත් සංචරණ අනුමැතිය යටතේ පළමු දින 30 සඳහා ඇමෙරිකානු ඩොලර් 70 ක ගාස්තුවක් සහ සාර්ක් කලාපයේ නොවන රටවල් වලට පළමු දින 30 සඳහා ඇමෙරිකානු ඩොලර් 90 ක් ලෙස සංශෝධනය කර තිබෙනවා.

ඇමෙරිකා එක්සත් ජනපදය සඳහා දින 180 ක් දක්වා වන වීසා සඳහා ඇමෙරිකානු ඩොලර් 100 ක ගාස්තුවක් අය කෙරෙන බව ද ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *