(ලංකාපුවත් | කොළඹ) –ලෝකයේ කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් යළි දක්නට ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
මාස කිහිපයකට පෙර ආසාදිතයන් වාර්තාවීමේ අඩුවක් දක්නට ලැබුනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, 4% ක හෝ 6% ක ප්‍රතිශතයකින් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. එහෙත්, යුරෝපයේ වැඩි වූ ප්‍රතිශතය 18% කි.
එමෙන්ම බ්‍රිතාන්‍ය හා ඉතාලිය ඇතුළු තවත් රටවල් කිහිපයකින් මරණ සහ ආසාදිත සංඛ්‍යාව වැඩි වශයෙන් වාර්තා වී ඇති බව එම සංවිධානය වැඩිදුරටත් සදහන් කර ඇත.