(ලංකාපුවත් | කොළඹ) – දින පහක මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය තීරණය කර තිබේ.
අනිද්දා(06) සිට ලබන 13 වනදා දක්වා එම වැඩසටහන තෝරා ගත් ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 කදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
බස්නාහිර සහ නැගෙනහිර පළාත් ආවරණය වන ලෙස එය ක්‍රියාත්මක කෙරේ.
එම වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහය ද ලබා ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.
මේ වසරේ ජනවාරි මස සිට ඊයේ(04) දක්වා මෙරටින් හඳුනා ගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 22,902 කි.