(ලංකාපුවත් | කොළඹ) – පානදුර නගරයට වසර ගණනාවක සිට අඩුපාඩුවක්ව පැවති අංග සම්පූර්ණ නව වෙළෙඳ සංකීණයේ වැඩකටයුතු අද (17) ආරම්භ කෙරිණ.
වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භ විය.
රුපියල් මිලියන 385.1 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සඳහා වෙන් කර තිබේ.
වසර ගණනාවක සිට ගරාවැටෙමින් තිබූ පැරණි ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම පළමුව සිදු කෙරේ. වසර එකහමාරක කාලයක් තුළ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරයි. නගරයට පැමිණෙන මහජනතාව සහ වෙළෙඳ මහත්ම මහත්මීන් මහත් අපහසුතාවයට පත් කරමින් තිබූ මෙම ගැටළුවට තිරසාර විසඳුමක් ලබා දීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය නායකත්වය ලබා දීමට කටයුතු කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, හිටපු පළාත් සභා මන්ත්‍රී විකුම් ගුණසේකර,පානදුර නගරාධිපති,පානදුර ප්‍රාදේශීය සභාවේ සභාපති,හිටපු නගරාධිපති ඇතුළු මන්ත්‍රීවරු, පානදුර වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ වෙළෙඳ මහත්ම මහත්මීන් සහභාගී වූහ.