හිටපු පොලිස්පති පූජිත්ට ​​එරෙහිව චෝදනා 855ක්

(ලංකාපුවත් | කොළඹ) –පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පූර්ව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ චෝදනා අද(22) කොළඹ මහාධිකරණය හමුවේ කියවා දෙනු ලැබීය.

මෙම නඩුව අතර නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධිචෝදනා විත්තිකරුවන්ට කියවා දෙනු ලැබීය. ඒ අනුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති චෝදනා 855ක් කියවා දීම පළමුවෙන් සිදුකෙරුණි.

වැඩිදුර නඩු විභාගය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *