(ලංකාපුවත් | කොළඹ) – අවුරුදු 12ත් 15ත් අතර පාසල් ළමුන්ට ෆයිසර් එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා දීමට එන්නත්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
මේ අතර පළමු මාත්‍රාව ලබා ගත් අවුරුදු 16ට වැඩි පිරිසට දෙවැනි මාත්‍රාව ලබා දීමට ද තීරණය කර ඇත.
ඒ අනුව අදාළ එන්නත්කරණ වැඩපිළිවෙල කඩිනමින් ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කළේය.