(ලංකාපුවත් | කොළඹ) – කොරෝනා ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ සිදුවූ පළමු මරණය ඊයේ (13) වාර්තා වූ බව, එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා රට තුළ “ඔමික්‍රෝන්” රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව පවසමින් අවධාරණය කරන්නේ ඊට සියලු දෙනා සූදානම් විය යුතු බවය.
මේ සතිය තුළ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට තෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමට පියවර ගෙන තිබේ.
බ්‍රිතාන්‍යයෙන් “ඔමික්‍රෝන්” ආසාදිතයන් 3,000කට අධික පිරිසක් හමුව ඇති අතර ඊයේ පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1,200කට අධිකය.