ප්‍රියන්ත ඝාතනය ගැන පාකිස්තාන පාර්ලිමේන්තුවේ විවාදය අද

(ලංකාපුවත් | කොළඹ) – පාකිස්තානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකික කම්හල් කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තාන පාර්ලිමේන්තුවේදී විවාදය අද(20) ආරම්භ වේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ තීරණයකට අනුව මෙම විවාදය පැවැත්වේ.

ඒ අනුව සෙනෙට් සභා සැසිවාරය දෙසැම්බර් 20 වෙනිදා ද ජාතික සභාව දෙසැම්බර් 22 වෙනිදා යටතේ ද විවාද පැවැත්වෙනු ඇතැයි සදහන් වේ.

පසුගිය 03වනදා සිදු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 85 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවේ.

ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මරණයට පත්වන විට 48 හැවිරිදි වියේ පසුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *