හොකී ක්‍රීඩා පිටි සංවර්ධනයට වැඩපිළිවෙලක්

(ලංකාපුවත් | කොළඹ) – හොකී සම්මේලනයට නව මූලස්ථානයක් ලබාදෙමින් හොකී ක්‍රීඩා පිටි සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබූ බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

හොකී සම්මේලනයට නව මූලස්ථානයක් ලබාදීහොකී ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් තබමින් පසුගියදා(15) ටොරින්ටන් හි පිහිටි හොකී ක්‍රීඩාගාර පරිශ්‍රයේ දී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ලාංකේය හොකී ක්‍රීඩාවේ ප්‍රගමනයවෙනුවෙන් සහක්‍රීඩකයන්ගේ පරිපාලන කටයුතු සඳහාක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු ටොරින්ටන් හි පිහිටි කෘත්‍රිම හොකී තණතිල්ල සමග ගොඩනැගිල්ල (Astro Turf Complex) ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානය ලෙස හොකී සම්මේලනය වෙතලබාදීම මෙහිදි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුවිය.

මීට සමගාමීව හොකී ක්‍රීඩාව දියුණු කිරීමේ අරමුණින් ඒ සඳහා අවශ්‍ය වන කෘත්‍රිම තණතිල්ල සංවර්ධන කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය අතර අවබෝධතා ගිවිසුමක්ද අත්සන් තැබිණි.

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයවෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සහ ශ්‍රී ලංකා හොකී සම්මේලනය වෙනුවෙන් එහි ලේකම් පී. විශ්වනාදන් මහතා එම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.

කොවිඩ් වසංගතය නිසා නතරකර තිබූ ක්‍රීඩාව නැවත ආරම්භ කිරීමට හැකිවීම පිළිබදව සතුටට පත් වෙනවා. වසර දෙකක පමණ කාලයකින් පසුව හොකී තරගාවලියක් නැරඹීමේ අවස්ථාව හිමි ව තිබෙනවා. ඒ පිළිබදව ශ්‍රී ලංකා හොකී සම්මේලනයට ස්තූතිවන්ත වෙනවා.

පසුගිය නිලවරණයෙන් පත්වුණු ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ඇතුළු නිළධාරී මණ්ඩලය අද අපේ අමාත්‍යාංශයත් සමග ඉතාමත් සුහදව කටයුතු කරනවා.

අමාත්‍යාංශයක් විදියට එය සතු සම්පත් සංගම්වල පරිපාලනයත් සමග ඒකාබද්ධ කළ යුතුයි කියන කාරණයඅපි විස්වාශ කරනවා. එය අපි ආරම්භ කළේ වොලිබෝල් ක්‍රීඩාවෙන්. ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගණය අපි වොලිබෝල් සංගමය වෙත භාර දුන්නා.

හොකී සම්මේලනයේ සහ ක්‍රීඩකයන්ගේ පරිපාලන කටයුතු සඳහා කොළඹ ටොරින්ටන් හි පිහිටි මෙම කෘත්‍රිම හොකී තණතිල්ල හා ගොඩනැගිල්ල වසර 30ක කාලයක් සඳහා ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ ප්‍රධාන මූලස්ථානය ලෙස පවත්වාගෙන යාමට ලබාදෙන්න අපි කටයුතු කළා.

පසුගිය කාලේ හොකී ක්‍රීඩාවේ විශාල පසුබෑමක් තිබුණා. එයට එක් හේතුවක් වූණේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීමයි. කොළඹ පිහිටි මෙම කෘත්‍රිම හොකී තණතිල්ල අවුරුදු ගාණකින් ප්‍රතිසංස්කරණය කර නැහැ. ඒ වගේම මාතලේ හොකී තණතිල්ල අවුරුදු ගාණක් තිස්සෙ සංවර්ධනය කර නැහැ.

මාතලේ හොකී තණතිල්ල සංවර්ධනය කිරීම සදහා ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර තිබෙනවා. එම ප්‍රසම්පාදන කටයුතුවල තිබෙන ප්‍රමාදය නිසා එහි වැඩ කටයුතු ප්‍රමාද වී තිබෙනවා. ලබන අවුරුද්දෙ මේ හොකී ක්‍රීඩා පිටි දෙකම යාවත්කාලීන කරන්නඅපි බලාපොරොත්තු වෙනවා.

සියලුම සංගම් වගකීම භාරගෙන කටයුතු කළ යුතු බව අපි විස්වාශ කරනවා. හැමදාම සංගම්වලට කර අරින්න බැහැ. සංගම් ස්වාධීන විය යුතුයි.ආණ්ඩුවෙන් හෝ අමාත්‍යාංශයෙන් යැපෙන්නෙ නැතිව ආදායම් උත්පාදනය කරන ආයතන බවට පත්විය යුතුයි. ක්‍රීඩකයන්ගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතන බවට පත්විය යුතුයි. එයට අපි සහයෝගය ලබාදෙනවා.

එම නිසා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සතු මෙම භූමිය ක්‍රීඩා පරිපාලන කටයුතු සඳහා හොකී සංගමයට ලබාදී තිබෙනවා. මෙය ඉදිරියේදී ආදායම් උත්පාදනය කරන තැනක් බවට පත්වෙනවා. එම නිසා හොකී ක්‍රීඩකයන්ට බියවීමට කාරණයක් නැහැ.

අපිට ඉලක්ක සහගතව හොකී ක්‍රීඩාවේ ජයග්‍රහණ සඳහා යන්න පුළුවන්. වසර ගණනාවකට පසු ජාතික කණ්ඩායමක් හැරුණු කොට ක්‍රීඩා‌ සමාජ දෙකක් අද ඕමානයේ සංචාරයකට සූදනම් වෙනවා. එහි පුහුණු තරග මේ දිනවල පැවත්වෙනවා.

ඕමාන් සංචාරය තුළ ඔවුන්ට විශාල අත්දැකීමක් ලැබෙන බව මා විස්වාශ කරනවා. හොකීවලට විතරක් නෙවෙයි අනෙකුත් ක්‍රීඩාවලත් ක්‍රීඩා සංගම්, ක්‍රීඩා සමාජවල ජයග්‍රහණ ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදෙස් තරගාවලි සඳහා යොමු කරන්නමා බලාපොරොත්තු වෙනවා.

කොවිඩ් උවදුර නිසා පාසල් පවත්වන්න අවස්ථාව හිමි වුණේ නැහැ. ඒ නිසා පාසල් ක්‍රීඩාව නැවතුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නැවත පාසල් ක්‍රීඩා ආරම්භ කරන්න අවශ්‍ය චක්‍රලේඛ නිකුත් වී තිබෙනවා. ඒ අනුව පාසල්වල රග්බි ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳව අද දිනයේත් මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා.

ලබන අවුරුද්දෙ අපි Sports Meet වලට අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම ජාතික පාසල් ක්‍රීඩා උළෙල කෙරෙහිත් විශාල අවධානයක් යොමු කර තිබෙනවා. මේවායේ දරුවන්ගේ දක්ෂතාවයන් කෙරෙහි ජාතික ම්ටටමින් අවධානය යොමු කර එම දක්ෂතාවයන් ක්‍රීඩා දෙපාර්තමේන්තුව තුළින් පිළිගන්නත්, ඔවුන්ගේ එම දක්ෂතාවයන් මත උසස් දක්ෂතා පුහුණු සංචිතයට යොමු කරන්නත් අපි කටයුතු කරනවා.

ඒ අනුවජාතික පාසල් ක්‍රීඩා උළෙල තුළවෙනදට වඩා උද්යෝගයක් අපි දකීවි. ජාතික යෞවන ක්‍රීඩා උළෙලට තිබෙන උද්යෝගයඅපි දැක්කා. ඊට හේතුව යෞවන ක්‍රීඩා උළෙලේ පෙන්වූ දක්ෂතාවයන්ට අනුකූලව ඒ දරුවන්ට පුළුවන්ජාතික සංචිතවලට තේරී පත්වෙන්න. අද ජාතික පාසල් ක්‍රීඩා උළෙලත් ගමේ පාසලේ Sports Meetඑකත් ඒ තත්ත්වයට උසස් කර තිබෙනවා ඒ අනුව අපේ නිර්ණායකයන්වලට අනුකූලව ගියොත් ඒ දරුවන්ට පුළුවන් ඒ කණ්ඩායම් නියෝජනය කරන්න’’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ඇතුළුව CH& FC කණ්ඩායමසහ ආරක්ෂක සේවා කණ්ඩායම නියෝජනය කරමින් නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *