කොවිඩ් නිසා වැඩ අවසන් නැති මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල කාලය දීර්ඝ කිරීමට අවධානය

(ලංකාපුවත් | කොළඹ) –කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වැඩ අවසන් කිරීමට නොහැකි වී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති වල කාලය තවත් මාස දෙකකින්වත් දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමු කරවන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේත්, මුදල් අමාත්‍යවරයාගේත් අවධානය මේ සදහා යොමු කරවිමට අපේක්ෂා කරන බවයි. ඊට අමතරව කැබිනට් මණ්ඩලයට ද අදාළ ප්‍රශ්නය ඉදිරිපත් කීරීමට අපේක්ෂා කරන බව ඔහු සදහන් කරයි.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීමේ දි මෙම මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල කාලය දීර්ඝ කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. පළාත් පාලන ආයතන ප්‍රධානින් මෙහි දි කියා සිටියේ පැවති කොවිඩ් තත්ත්වය ද මත මෙම මරේග ඉදිකිරිම ප්‍රමාද වු බවයි. සංචාරක සීමා පැණවීම නිසා සිමෙන්ති සපයා ගැනීමට පැවති දුෂ්කරතා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වු බව ද මෙහි දී අනාවරණය විය. ඒ ඒ පළාත් ආයතන වෙත ලබාදුන් ලක්ෂ 20 මාර්ග සංවර්ධන ව්‍යාපෘති මෙලෙස අඩාල වී ඇති බවත්, මේ මස 31 වෙනිදා වන විට එම ව්‍යපෘති අවසන් කළ යුතු වුව ද එලෙස අවසන් කිරිමට නොහැකි වීම නිසා ව්‍යාපෘති රැසක මුදල් ආපසු යාමේ අවධානමක් ඇති බවත් පළාත් පාලන ප්‍රධානීහු පෙන්වා දුන්හ. ඒ නිසා මේ කාලය දීර්ඝ කරන ලෙස පළාත් පාලන ආයතන ප්‍රධානිහු ඉල්ලා සිටියහ.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් වන බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාර්වයිස් මාෂල් රොෂාන් ගුණතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් විතානගේ යන මහත්ම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (17) ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ දි රැස්විය.

ඇතැම් අමාත්‍යාංශ මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ප්‍ර දේශයේ නිසි සම්බන්ධිකරණයක් නොමැතිව ක්‍රියාත්මක විම පිළිබද ව මෙහි දි අවධානය යොමු කෙරිණ. ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ ඒ ඒ අමාත්‍යාංශ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිමේ දි
ප්‍රා දේශීය සම්බන්ධිකරණ කමිටුවේ අනුමැතිය අනිවාර්යය බවයි.

“සමහර නිළධාරින් හිතුමතේ වැඩකරපුවාම තමයි මේ ප්‍රශ්න ඇතිවෙන්නේ. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම හරහා රජයට ලැබෙන්න තිබෙන කීර්තියත් මේ නිසා අහිමි වෙනවා. ඒ නිසා සියලුම ඇමතිවරුන්ගෙන් මම ඉල්ලනවා ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේ දී ඒ ඒ ප්‍ර දේශවල සම්බන්ධිකරණ කමිටු සභාපතිවරු සමග එක්ව කටයුතු කරන්න කියලා. ඒ නිසා නිළධාරින්ට හිතුමතේ වැඩ කරන්න බෑ. ඔවුන් ක්‍රියාත්මක කරන්නේ රජයේ වැඩපිළිවෙලයි. එහි වාසිය රටටත් ජනතාවටත් ලැබිය යුතුයි.

ඇතැම් නිළධාරින් සීත කාමරවල ඉදලයි සංවර්ධන යෝජනා හදන්නේ. බිම් මට්ටමේ ප්‍රායෝගික ප්‍රශ්නය ගැන අවබෝධයක් නැතිවයි සංවර්ධන සැලසුම් හැදෙන්නේ. මේ යාන්ත්‍රණය විධිමත් විය යුතුයි. සංවර්ධන ව්‍යපෘති හදුනා ගැනීමේ ක්‍රම වේදය වෙනස් කරන්න ඕනෑ. ජනතාවගේ යෝජනා වලටයි ප්‍රමුඛතාව දෙන්න ඕනෑ. නැතිව නිළධාරියගේ යෝජනාවට නෙමෙයි. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.” ඇමතිවරයා කීවේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති රජයේ ඉඩම් ප්‍රා දේශීය සම්බන්ධිකරන කමිටු නිර්දේශයන් තොරව තොරව වෙනත් කටයුතු සදහා පවරා ගැනීම වහාම අත්හිටුවීමට ද මෙම සාකච්ඡාවේ දි තිරණය කෙරිණ.

මෙම සාකච්ඡාව සදහා බස්නාහිර පළාත් ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති එයාර්වයිස් මාෂල් රොෂාන ගුණතිලක, ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපති සහන් ප්‍රදීප් විතාන, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන කෝකිලා හර්ෂණි, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,කොළඹ දිස්ත්‍රික් ලේකම් සහ ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ප්‍රදිප් යසරත්න යන මහත්ම මහත්මිහු සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *