(ලංකාපුවත් | කොළඹ) – ඊයේ(20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇතැයි ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
එසේ ඉහල දමා ඇත්තේ පහත මිල ගණන් වලිනි.
ඔක්ටේන් 92 ලීටරය රුපියල් 20කින් (නව මිල 177)
ඔක්ටේන් 95 ලීටරය රුපියල් 23කින් (නව මිල 207)
ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 121)
සුපර් ඩීසල් ලීටරය රුපියල් 15 කින් (නව මිල 159)
භූමිතෙල් ලීටරය රුපියල් 10 කින් (නව මිල 87)
මීට සමාන්තරව ලංකා ඉන්දිය තෙල් සමාගමද සිය බෙදුම්හල්වල ඉන්ධන මිල ගණන්ද අද(21) සිට සංශෝධව කර තිබේ.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.
රුපියල් 157කට පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177ක් වේ.
එසේම Extra Premium 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 210ක් ලෙස ඉහළ දමා තිබේ. ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 121කි.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ රුපියල් 159ක් ලෙසය.