නවසීලන්තය විදෙස් සංචාරකයින්ට රට විවෘත කිරීම ප්‍රමාද කරයි

(ලංකාපුවත් | කොළඹ) – විදෙස් සංචාරකයින් සදහා රට විවෘත කිරීමට සූදානම් කර තිබූ සැලසුම් පෙබරවාරි මස අග දක්වා කල් දැමීමට නවසීලන්ත රජය තීරණය කර ඇත.

ඔමික්‍රෝන් ප්‍රභේදය වේගවත් ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එසේම නිරෝධායන කාල සීමාව දින 07 සිට දින 10 දක්වා වැඩිකිරීමට ද පියවර ගෙන තිබේ.

මීට අමතරව නවසීලන්තයට පැමිණෙන සෑම පුද්ගලයෙකුම පැය 48කට පෙර පීසීආර් පරික්ෂණයක් ද සිදුකළ යුතුවේ. ලබන ජනවාරි මාසයේදී විදෙස් සංචාරකයින් සදහා නවසීලන්තය යළි විවෘත කිරීමට මීට පෙර තීරණය කර තිබුණි.

මෙතෙක් ලැබී ඇති සියලු දත්තවලින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය තවමත් වඩාත් වැඩියෙන්ම සම්ප්‍රේෂණයවන කොවිඩ් – 19 වෛරස් ප්‍රභේදය බවටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *