බ්‍රහස්පති මත ජලය ඇති බව හෙළි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහ ලෝකය ලෙස සැලකෙන විශාල රතු ලපය තුළ ජලය පවතින බව නාසා ආයතනය පවසයි.

නාසා ආයතනයේ ජූනෝ ගවේෂණ යානය යොදා ගනිමින් මෙම පර්යේෂණය සිදු කර තිබේ.

බ්‍රහස්පති මත ඇති දැවැන්ත රතු ලපය වසා ඇති වලාකුළු නිරීක්ෂණය කිරීමේදී මෙම තොරතුරු අනාවරණ කරගෙන ඇත.

නාසා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ විද්‍යාඥයන් ප්‍රකාශ කළේ එහි ගැඹුරු වලාකුළු වල ජලයේ රසායනික සංඝටක පවතින බවයි.

ඊට අමතරව, කාබන්මොනොක්සයිඩ් වැනි ඔක්සිජන් සහිත වායු එහි පවතින අතර, බ්‍රහස්පති ග්‍රහයා තුළ හිරුගේ මෙන් නව ගුණයක ඔක්සිජන් පවතින බව අනාවරණ වී තිබේ.

බ්‍රහස්පති වටා පරිභ‍්‍රමණය වන චන්ද්‍රයන් බොහෝමයක් අයිස් වලින් වැසී පවතින අතර බ්‍රහස්පති තුළ ජලය පැවතීමට එය ද සාක්ෂියක් ලෙස විද්‍යාඥයන් පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *