(ලංකාපුවත් | කොළඹ) – අමෙරිකාවේ කැලිෆෝනියා ඇතුළු බටහිර ප්‍රදේශයේ ප්‍රාන්ත රැසක්, දැවැන්ත හිම කුණාටුවලින් බලපෑමට ලක්ව තිබේ.
දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිය ඇණහිට ඇති නිසා දෛනික කටයුතු අඩපණවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. කැලිෆෝනියා ප්‍රාන්තයේ උතුරුදිග ප්‍රදේශයට පැය 24 ක් ඇතුළත පොළොවේ අඟල් 30 ක් පමණ උසකට හිම පතිතවී ඇත.
මාර්ග රැසක් අවහිර වී ඇති අතර, එම මාර්ග වසා තැබීමට බලධාරින් පියවර ගත්තා. ප්‍රදේශයේ අධිවේගී මාර්ගයක කිලෝ මීටර් 112 ක පමණ දුරක්, හිමෙන් යටව ඇතැයි වාර්තා වේ.
ප්‍රාන්ත 6 කට හිම කුණාටු අනතුරු ඇඟවීම්ත් නිකුත් කර ඇත.
දැනට බලපා ඇති හිම කුණාටු තත්වය, ලබන බදාදා පමණ වන තෙක් පවතිනු ඇතැයි, කාලගුණ බලධාරින් පවසයි. පවතින තත්වය හමුවේ, පුද්ගල මරණ කිසිවක් වාර්තා වී නැනත්, තිදෙනෙකු තුවාල ලබා ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්වේ.