(ලංකාපුවත් | කොළඹ) – මාර්ග සංවර්ධන ව්‍යාපෘති ඇතුළු සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පරිසරය ආරක්ෂා කරමින් ලංකාවේ වන ආවරණය වැඩි කිරීම හා නගර අලංකරණය වෙනවෙන් පැළ මිලියන දෙකක් සිටුවීමේ වැඩසටහන සඳහා ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ.
“මග දෙපස තුරු සෙවණ – සුරැකුමට පරිසරය” යන තේමාව යටතේ මෙම ජංගම යෙදුම හඳුන්වා දී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.
ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මග දෙපස හා පොදු ස්ථානවල මෙම පැළ සිටුවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබේ.
මහාමාර්ග අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, රාජ්‍ය නිර්මාණ හා සංවර්ධන නීතිගත සංස්ථාව ඇතුළු සම්පත් දායකයින් මේ සඳහා දායකත්වය සපයනු ලබයි.
පැළ සිටුවීමේ වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීම හා නියාමනය කිරීම පහසු කරලීම වෙනුවෙන් මෙම ජංගම යෙදුම හදුන්වා දී ඇත.
වසර 4 කින් පැළ මිලියන දෙකක් සිටුවීමේ ඉලක්කය සපුරාලීමට බලාපොරොත්තු වන අතර 2021 වර්ෂය තුළ පැළ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සිටුවා ඇත.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය යථාර්ථයක් කරමින් හරිත සංවර්ධන වැඩසටහන වඩාත් සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම ජංගම යෙදුම හදුන්වා දී ඇත.