(ලංකාපුවත් | කොළඹ) – ඉන්දියාව ඇතුළු රටවල් රැසකින් දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සීග්‍ර වැඩිවීමක් වාර්තාවේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ නව ආසාදිතයින් ඉහළ යාමට ‘ඔමික්‍රෝන් ‘ ප්‍රභේදය බල පා ඇති බවය.
ඉන්දියාවේ දෛනික ආසාදිතයින් ලක්ෂයකට ආසන්න වේ. එරට පළමු ඔමික්‍රෝන් වෛරස ආසාදිත පුද්ගලයා පෙරේදා මිය ගියේය. ඒ සමඟ දිල්ලි සහ මුම්බායි යන නගර තුළ ඇඳිරි නීතිය පැනවීමට ඉන්දීය බලධාරීන් ක්‍රියා කර තිබේ.
මේ අතර වෛද්‍ය සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ ඔමික්‍රෝන් ප්‍රභේදය අමෙරිකාවේ වේගයෙන් පැතිර යන බවය.