(ලංකාපුවත් | කොළඹ) –දිවයිනේ සියලු පාසල්වල එක ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද(10) සිට සුපුරුදු පරිදි සිදුකෙරේ.
සියලු සෞඛ්යාරක්ෂිත ක්‍රම වේදවලට අනුව පාසල් කටයුතු පවත්වාගෙන යාමට කටයුතු යොදා තිබේ.
අද සිට සියලු දරුවන් පාසල් වෙත පැමිණිය යුතු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී ඇත. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව බාහිර ක්‍රියාකාරම් ද සිදුකිරීමට නියමිතය.
කෙසේ නමුත් පාසල්වල ආපනශාලා විවෘත කිරීමට අවසර ලබාදී නැත.
කොරෝනා හේතුවෙන් කල්දැමුණු විභාග දින නියම කළ පරිදි පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.