(ලංකාපුවත් | කොළඹ) – විදුලි අර්බුදයට කෙටිකාලීන හා මැද කාලීන විසදුම් ගණනාවක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර ඇතැයි කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලිපාරිභෝගික ජනතාවගේ සහාය ඇතිව කඩිනම් විදුලි සංරක්ෂණ වැඩපිලිවෙලක් හරහා විදුලි ඉල්ලුම අඩුකිරීම කෙටිකාලින යෝජනා අතර වේ. මීට අමතරව මැදකාලීන විසදුමක් ලෙස රාජ්‍ය ආයතන හා පුද්ගලික අංශය සතු ජනන යන්ත්‍ර ඵලදායී ලෙස භාවිතයට ගැනීම සදහා ද දැනටමත් පියවර ගෙන තිබේ. විවිධ ආයතන සතුව මෙගා වොට් 3000කට වැඩි ධාරිතාවයක් සහිත විදුලි ජනක යන්ත්‍ර භාවිතා වන අතර මෙවැනි විදුලි හිග අවස්ථාවලදී එම විදුලි ජනන යන්ත්‍ර වලින් කාර්යක්ෂම ලෙස විදුලිය සපයා ගැනීම සදහා ක්‍රමවේදයක් හදුන්වාදීමට නියමිතය.
එසේම ඉදිරීයේදී මෙවැනි ජනන යන්ත්‍ර ජාතික විදුලි පද්ධතියට සම්බන්ධ කිරීම සදහා ඇති හැකියාව පිළිබද වද අධ්‍යනය කෙරෙමින් පවතී. සුර්ය බල පද්ධති හා සුළං බල පද්ධති කඩිනමින් සවිකල යුතු බවටද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව නිර්දේශ කර තිබේ.
මේ අතර ජනාවාරි 27 දක්වා විදුලි කප්පාදුවක් සදහා අවශ්‍යතාවයක් නොමැති බැවින් විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලි බල මණ්ඩලය කල යෝජනාව ජනවාරි 27වන දින නැවත සලකා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. මෙම දින 3 තුල විදුලි ජනනය සදහා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතී.
මේ පිළිබද වැඩිදුර කරුණු පැහැදිලි කරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා.
“පවත්නා ඉංධන තොග හා ඒ්වා බලාගාර වලට ලබාදීය හැකි දිනයන් පිළිබද තොරතුරු ලංකා ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලා තිබෙන අතර ලබන 27 වැනිදා නැවතත් විදුලි කප්පාදු යෝජනාව පිළිබද සමාලෝචනයක් කෙරෙනු ඇත. මේ මස අග වන විටදී බොර තෙල් තොගයක් මෙරටට ලැබීමට නියමිත අතර පිරිපහදු කටයුතු ඇරඹීමෙන් අනතුරුව දැවි තෙල් හා නැෆ්තා ඉංධන මගින් ජනන කටයුතු කරන බලාගාර වලට අවශ්‍ය ඉංධන ලැබෙනු ඇති. එසේම දැනට අලුත්වැඩියා කෙරෙමින් පවතින නොරෝච්චෝලේ බලාගාර 3 වන ඒකකය මේ මස නිමාවීමට ප්‍රථම නැවත විදුලි ජනනය ආරම්භ කිරීමටද නියමිතයි. ඒ අනුව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විශ්වාසය පල කරනවා. මීට අමතරව ගල් අගුරු හා අනෙකුත් ඉංධන ආනයනය සදහා අවශ්‍ය විදේශ විනිමය සොයාගැනීම සම්බන්ධයෙන් අපි ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිතුමා සමගත් සාකච්ඡා කළා. ඉදිරියේදී මේ විදේශ විනිමය ගැටළුවත් විසදෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා”