සංචාරක සංවර්ධන අධිකාරියේ නිවාඩු නිකේතන නවීකරණය කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ පවතින නිවාඩු නිකේතන නවීකරණය කෙරේ. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබා ගැනීම අරමුණයි.

මෙම සංචාරක නිකේතන ලාභ ලබන සංචාරක නිකේතන බවට පත්කිරීම රජයේ අපේක්ෂාව බවත් ඒ අනුව දේශීය හා විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් මෙම ස්ථාන වලට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් අදාල නවීකරණ කටයුතු සැලසුම් කර ඇති බවත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි.

සංචාරක සංවර්ධන අධිකාරිය සතු සංචාරක නිකේතන කතරගම,බණ්ඩාරවෙල, නුවරඑළිය සහ අනුරාධපුර ප්‍රදේශවල පිහිටා තිබේ. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පසුගිය කාලයෙහි මෙම නිවාඩු නිකේතන 4 මෙහෙයුම් අඩාල විය. මේ වනවිට එහි මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර තිබේ. දැනටමත් කතරගම බණ්ඩාරවෙල සහ නුවරඑලිය සංචාරක නිකේතන සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කටයුතු කෙරෙමින් පවතියි. අනුරාධපුර නිවාඩු නිකේතනය ප්‍රතිසංස්කරණය කිරීම ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ උපදේශනය යටතේ සිදුකිරීමට නියමිතයි.

මීට අමතරව කල්බදු ක්‍රමය යටතේ පුද්ගලික අංශයට ලබාදී ඇති තානායම් 37ක තත්ව සහ සේවා ප්‍රමීතිය පිලිබඳව ද විශේෂ අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා කියයි. ඒ අනුව සංචාරක සංවර්ධන අධිකාරිය මගින් විශේෂ කණ්ඩායමක් යොදවා එම තානායම් වල තත්ව සහ සේවා ප්‍රමිතිය පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇතැයි ඔහු සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *