(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) වෙත පවරාගත් කළුතර, බුලත්සිංහල ප්‍රාදේශීය සභා බහුකාර්ය ගොඩනැඟිල්ලෙහි ආරම්භ කිරීමට නියමිත නව වෘත්තීය පුහුණු ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොල මහත්මිය ඊයේ (14) නිරත විය.
මෙම නව මධ්‍යස්ථානයේ දී, පරිගණක දෘඩාංග පාඨමාලාව, සූර්ය පැනල පද්ධති සවි කිරීමේ පාඨමාලාව, භාෂා අධ්‍යයන පාඨමාලාව, වැඩිහිටි සත්කාරකත්ව පාඨමාලාව, රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් පාඨමාලාව ඇතුළු NVQ සුදුසුකම සහිත සහතික ලබාදෙන නව පාඨමාලා රාශියක් ආරම්භ කිරීමට නියමිතය.
පාඨමාලා අධ්‍යයන කටයුතු එළඹෙන මැයි මස වනවිට ආරම්භ කිරීමට සියලු කටයුතු කඩිනමින් සූදානම් කරන ලෙස අමාත්‍යවරිය විසින් නිලධාරීන් හට උපදෙස් දුන්නාය.
තවද, පාසල් හැරගිය සිසු සිසුවියන් සහ අවිධිමත් අධ්‍යාපනය ලැබූ සියලුමදෙනාට මෙම අමාත්‍යංශය යටතේ ඇති සියලුම තෘතීයික හා වෘත්තීය ක්ෂේත්‍රයේ ආයතනයන් පිළිබඳ දැනුවත් කිරීම සහ වෘත්තීය මාර්ගෝපදේශන ලබාදෙන මධ්‍යස්ථානයක් ද (Career Guidance Center) One TVET සංකල්පය යටතේ මෙම මධ්‍යස්ථානයේම ඇරඹීමට නියමිතය.