(කොළඹ, ලංකාපුවත්) – වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
මුදල් අමාත්‍යවරයා විසින් ‘ජනතාවට මුහුණ පෑමට සිදුව ඇති ආර්ථික අපහසුතා අවම කිරීම සදහා වූ යෝජනා ක්‍රියාත්මක කිරීම‘ යන මැයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයේ සදහන් යෝජනා සදහා 2022 ජනවාරි මස 18වනදා පැවැති රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
එම යෝජනා අතුරින් වතු කම්කරු පවුල් සදහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීම සම්බන්ධයෙන් වූ යෝජනාව වෙළෙඳ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් සලකා බලා නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එකී නිර්දේශ පරිදි හඳුනාගෙන ඇති ප්‍රතිලාභී පවුල් 115,867ක් සදහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීම පිණිස වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.