(කොළඹ, ලංකාපුවත්) –මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාවේ සිට පළමුව යාපනය පලාලි අන්තර්ජාතික ගුවන්තොටුපොළ වෙත ළඟා වන බවට ඉන්දීය පුවත් සේවය වාර්තා කරයි.
ඉන්දීය ආධාර මත යාපනයේ ඉදිකොට ඇති සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ අරමුණින් පළමුව යාපනයට පමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම කටයුතුවලින් පසුව කොළඹට පැමිණෙන බව ද එම පුවත් සේවය මඟින් වාර්තා කළේය.
ඉන්දීය අග්‍රාමත්‍යවරයා ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට එක්වන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට වන අතර එම කාලය ඇතුළත ඉන්දීය අග්‍රාමාත්‍යවරයා බිම්ස්ටෙක් (Beamsreck) සමළුවට ද සහභාගි වීමට නියමිතය.