චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දුට එරෙහිව අතුරු තහනම් නියෝගයක්

(කොළඹ, ලංකාපුවත්) – චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂක සුනිල් ටී ප්‍රනාන්දු මහතාට එරෙහිව අද(18) කොළඹ වානිජ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ඒ ඔහු අධ්‍යක්ෂක ධුරය දරන මූවි ප්‍රඩියුසර්ස් ඇන්ඩ් ඉම්පෝර්ටර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ කටයුතු වලට මැදිහත්වීම හා එකි සමාගමේ අධක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම වලක්වාලමින්ය.

මෙහිදි පෙත්සම්කාර අධ්‍යක්ෂකවරයා වෙනුවෙන් නීතිඥ ඉරේෂා පුර්ණිමා මහත්මියගේ උපදෙස් මත නීතිඥ සදුන් සේනාධිපති මහතා විසින් වානිජ මහාධිකරණ වෙත සදහන් කර සිටියේ සුනිල් ටී ප්‍රනාන්දු මහතා විසින් සමාගමේ කටයුතු වැරදි ලෙස පාලනය කරමින් සිටින බවත් එමගින් සමාගම වෙත විශාල හානියක් සිදු වන බවත් එය සමස්ථ චිත්‍රපටි ක්ෂේත්‍රයේම පරිහානියට බලපානු ලබන බවත්ය.

කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය. මේ සම්බන්ධ නැවත නඩුව මැයි මස 24 වනදා කැදවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *