(කොළඹ, ලංකාපුවත්) – වයස අවුරුදු 12ට අඩු දරුවන්ටත් ෆයිසර් එන්නත දිය හැකිදැයි සොයාබලන බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
වයස අවුරුදු 12ට අඩු දරුවන්ට ෆයිසර් එන්නත දීමට හැකිදැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විමසා ඇතැයි ද ඔවුන්ගේ විශේෂඥ මතය තවත් දින කීපයකින් ලැබෙනු ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා කීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘‘ඔයාමඩුව‘‘ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක ඖෂධ කර්මාන්ත පුරයේ ආයෝජනය අවස්ථා පුළුල් කරමින් නව දේශීය ආයෝජකයන් සමඟ ගිවිසුම් අස්සන් කිරීම කොළඹ හිල්ටන් හෝටලයේදී ඊයේ(22) සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජයසුමන මහතා එසේ කීවේය.
මෙරටට ගෙන්වා තිබෙන එන්නත්වල කල් ඉකුත් වෙමින් යන බවට ඇතැම් සමාජ මාධ්‍ය හා පුද්ගලයන් ප්‍රචාර ගෙන යන බව පැවැසූ ඒ මහතා එහෙත් මෙතෙක් ගෙන්වා තිබෙන කිසිම එන්නතක් මසකින් දෙකකින් කල් ඉකුත් නොවන අතර ඇතැම් වැක්සීන්වල කාලය ඉකුත් වීමට වසරකට වැඩි කාලයක් තිබෙන බව ප්‍රකාශ කළේය.
මේ හේතුවෙන් වැරැදි ප්රචාරයන්ට හසු නොවී තුන්වන මාත්‍රාව ගැනීමට කටයුතු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එලෙස එන්නත් ගැනීමේ ප්‍රතිශතය සියයට හැත්තෑපහ ඉක්මවුවහොත් රට දැන් තිබෙන තත්ත්වයට වඩා තව තවත් ලිහිල් කිරීමට හැකි වනු ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා කීවේය.