(කොළඹ, ලංකාපුවත්) – මෙරට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන බිහි වීමත් සමඟ ග්‍රාමීය ජනතාවගේ නව නිෂ්පාදන හදුනා ගැනීමට හැකි වූ බවත් ඒ තුළින් අඩු ආදායම් ලාභී පවුල් ඒකක වල ගෘහ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම ” ප්‍රථිපත්ති ප්‍රකාශයට අනුව ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩ නැන්වීම සඳහා දේශිය නිෂ්පාදන ක්‍රියාවලිය වඩාත් තිරසාර හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම මේ මොහොතේ රටේ ප්රමුඛ අවශ්‍යතාවක් බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද කීය,
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රට තුළ දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම මගින් ග්‍රාමීය ආර්ථිකය නඟාසිටුවීමටත්, ජනතාවගේ ආදායම් මට්ටම ඉහළ නැන්වීමටත් සාධනීය වැඩ සටහන් රාශ්‍රියක් සමෘද්ධි අමාත්‍යාංශය මෙරටට හදුන්වා දී තිබෙනවා. ඒ වගේම මෙරට සෞභාග්‍යා නිෂ්පාදන ගම්මාන ආරම්භ කිරීම ඉතා සාර්ථක ලෙස සිදු කෙරෙමින් පවතිනවා. ඒ අනුව මේ වන විට දිවයින පුරා ගම්මාන 576 ක් ඉදි කරලා තිබෙනවා. කෘෂිකාර්මික, කර්මාන්ත, ධීවර, සත්වපාලන සහ සේවා යන ක්ෂේත්රය යටතේ තමයි මේ ගම්මාන බිහි කළේ.
පළමුවෙන් අපි සැලසුම් කළේ දිවයින පුරා ගම්මාන 500 ක් ආරම්භ කරන්න. කෘෂිකර්ම යටතේ විසිතුරු පැළ හා මල් ගම්මාන 25 ක්, මී පැණි ආශ්රිත නිෂ්පාදන ගම්මාන 08 ක්, බිම්මල් ආශ්රිත නිෂ්පාදන ගම්මාන 23, පලතුරු ආශ්රිත නිෂ්පාදන ගම්මාන 23, කෝපි ආශ්රිත නිෂ්පාදන ගම්මාන 04, කාබනික පොහොර ආශ්රිත නිෂ්පාදන ගම්මාන 16 ක් සහ වෙනත් ගම්මාන 47 යනුවෙන් ඒක එක් ක්ෂේත්රයන් යටතේ තමයි මේ ගම්මාන ආරම්භ කළේ . නමුත් ගම්වාසීන් මේ ගම්මාන සඳහා ඇති වැඩි කැමැත්ත, උනන්දුව හේතුවෙන් එම ගම්මාන සංඛ්‍යාව පුළුල් කරන්න අපට සිදු වුණා 576 දක්වා. මේ සියලුම ගම්මාන වල ඉතා හොඳ ප්‍රගතියක් තිබෙනවා. මේ ගම්මාන පිළිබඳ අපි නිතරම පසු විපරමක් සිදු කරනවා. මේ පිරිසගෙන් ජාතික ආර්ථිකයට ලබන වර්ෂයේ සිට විශාල මෙහෙවරක් සිදු වේවි කියා අපි විශ්වාස කරනවා.