ගෙවීගිය මාස දෙක තුළ රිය අනතුරු 1,875ක්

(කොළඹ, ලංකාපුවත්) –ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා රිය අනතුරු 1,875 ක් සිදු වි ඇතැයි පොලිස් වාර්තා හෙලි කරයි. ඉන් 235 ක් මාරක රිය අනතුරුවේ.

මාරක රිය අනතුරු වලින් 39 ක් ත්‍රිරෝද රථ අනතුරු වීම විශේෂත්වයකි. එම අනතුරු වලින් 40 දෙනෙකුට දිවි අහිමි වී තිබේ.

ජනවාරි මාසය තුළ රිය අනතුරු වලින් මරණ 250 ක් වාර්තා විය. පසුගිය වසරේ මාරක රිය අනතුරු 2,414 ක් සිදුව ඇත. මියගිය සංඛ්‍යාව 2513 කි.

පසුගිය වසරේ වාර්තා වී ඇති සමස්ත රිය අනතුරු සංඛ්‍යාව 22,319 ක් බව පොලිස් වාර්තා හෙලි කර ඇතැයි මාර්ග අනතුරු වැළැක්වීමේ විශේෂඥ කමිටුව සදහන් කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනු ලබන ආකාරයට මාර්ගවල සිදුවන මරණවලින් සියයට 93ක්ම සිදුවන්නේ ලෝකයේ වාහනවලින් සියයට 60ක ප්‍රමාණයක් ඇති අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *