යුක්රේන ජනපති හැඟීම්බර වෙමින් කළ ඉල්ලීම

(කොළඹ, ලංකාපුවත්) – ඕනෑම අවස්ථාවක රුසියානු ප්‍රහාරයකට මුහුණදීමට තමන් සූදානම් බව යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කි සදහන් කරයි.

රුසියාව දැන් ඕනෑම දිනක දී යුරෝපයේ දරුණු යුදමය තත්ත්වයක් ඇතිකිරීම සැරසෙන බැවින්, ඊට විරුද්ධ වන ලෙස යුක්රේන ජනාධිපතිවරයා රුසියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.

ඊයේ රාත්‍රියේ මාධ්‍ය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, තමා මගහරිමින් සිටින බවද ඔහු පෙන්වා දුන්නේය.

යුක්රේන ජනාධිපතිවරයා කියා සිටියේ රුසියානු ජනාධිපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට ඔහු කිහිප වරක් උත්සහ කළද එය අසාර්ථක වූ බවයි.

යුක්රේන දේශසීමාවේ රුසියාව සතුව 200,000කට ආසන්න භට පිරිසක් සහ සටන් වාහන දහස් ගණනක් ඇති බව ඔහු පැවසීය.

රුසියානු භාෂාවෙන්ද මාධ්‍ය වෙත අදහස් දැක්වූ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි වඩා හැඟීම්බර ලෙස ආයාචනා කරමින් රුසියානුවන්ට කියා සිටියේ මෙම ප්‍රහාරයන් ප්‍රතික්ෂේප කරන ලෙසයි. යුක්රේනය ගැන අසත්‍ය ප්‍රචාරය වෙමින් පවතින බවද කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *