(කොළඹ, ලංකාපුවත්) – රුසියා-යුක්රේන ගැටුම හේතුවෙන් සිය රට බලා යෑමට නොහැකිව සිටින යුක්රේන සංචාරකයන්ගේ වීසා කාලය දීර්ඝ කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
අද(28) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
දැනටමත් මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පෙන්වා දෙයි.
සංචාරකයන් සඳහා වීසා ලබා දෙන්නේ අවම මාසයක කාලයකට බැවින් මේ වනවිට මෙරට රැදී සිටින යුක්රේන ජාතිකයන්ගේ වීසා අවසන් වන කාලය ද සැලකිල්ලට ගෙන අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා කියයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තාවලට අනුව මේ වනවිට යුක්රේන සංචාරකයන් 4000 කට ආසන්න පිරිසක් මෙරට රැදී සිටින අතර මෙරට රැදී සිටින රුසියානු සංචාරකයන් සංඛ්‍යාව 11500 කට ආසන්නය.