ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ප්‍රදර්ශනය මාර්තු 12 සහ 13 දිනවල One Galle Face හිදී

(කොළඹ, ලංකාපුවත්) – ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල අතරින් එකක් ලෙස සැලකෙන Edith Cowan University (ECU) සහ Australian College of Business and Technology and Edith Cowan College, මෙවර Australian Education Expo (AEE) අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගී වෙයි.

2022 මාර්තු 12 සහ 13 දෙදින තුළ පෙරවරු 8.30 සිට පස්වරු 7.00 දක්වා කොළඹ One Galle Face පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය, ඕස්ට්‍රේලියානු උපාධියක් හිමිකර ගැනීම පිළිබඳව මෙන්ම, Edith Cowan විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ලියාපදිංචි වී ශ්‍රී ලංකාවේ සිටම ඕස්ට්‍රේලියානු උපාධියක් හැදෑරීම සම්බන්ධ වැදගත් කරුණු දැනගැනීම සඳහා සිසුන්ටත් දෙමාපියන්ටත් ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇත.

“කොළඹදී පැවැත්වෙන AEE අධ්‍යාපනික ප්‍රදර්ශනයට සහභාගී වීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. මේ ප්‍රදර්ශනයේදී අපගේ කුටිය වෙත පැමිණ, අපගේ විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලබමින් ජීවිතයේ සාර්ථකත්වය ළඟා කරගත හැකි ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගන්නා මෙන් ඔබ සියලුම දෙනාට ආරාධනා කිරීමට අප කැමතියි.” බටහිර ඕස්ට්‍රේලියාවේ Edith Cowan විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්ය සහ ජාත්‍යන්තර සම්බන්ධතා අංශ ප්‍රධානී හෙලන් වෙල්ලා බොනවිටා මහත්මිය පැවසුවා ය.

Edith Cowan විශ්ව විද්‍යාලය ඕස්ට්‍රේලියාවේ ඉහළම පිළිගැනීමක් ඇති විශ්ව විද්‍යාල අතරින් එකකි. මේ වනවිට 30,000 කට අධික සිසුන් පිරිසක් එහි ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා හදාරන අතර, වසරකට රටවල් 100 කට අධික සංඛ්‍යාවක සිසුන් 6,000 කට අධික පිරිසක් එහි පාඨමාලා සඳහා ලියාපදිංචි වෙති. කලා සහ මානව ශාස්ත්‍ර, ව්‍යාපාර හා නීතිය, අධ්‍යාපනය, ඉංජිනේරු විද්‍යාව, වෛද්‍ය විද්‍යාව හා වෙනත් සෞඛ්‍ය ක්ෂේත්‍ර සහ සෞන්දර්ය කලා වැනි විෂය ක්ෂේත්‍ර රාශියකට අයත් පාඨමාලා Edith Cowan විශ්ව විද්‍යාලයේදී හැදෑරීමට අවස්ථාව හිමි වේ.

Edith Cowan University – Sri Lanka (ECU Sri Lanka) යනු Edith Cowan විශ්ව විද්‍යාලය මගින් ආරම්භ කරන ලද සිව්වැනි නියෝජිත අධ්‍යාපන ආයතනයයි. එහි ලියාපදිංචි වීම මගින් ශ්‍රී ලාංකික සිසුන්ට මෙරටදීම ඕස්ට්‍රේලියානු උපාධි ඇතුළුව ජාත්‍යන්තර පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමි වේ. මේ වනවිට එම ආයතනය Bachelor of Commerce, Bachelor of Computer Science, Bachelor of Science (Cybersecurity), Bachelor of Science (Biomedical Science), Bachelor of Design (Games and Interactive Design) සහ Bachelor of Science (Nursing Studies) වැනි පාඨමාලා රාශියක් මෙරටට හඳුන්වා දී ඇත.

“ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ප්‍රදර්ශනයේදී ඔබ සියලුම දෙනා හමුවීමටත්, කොළඹ පිහිටි අපගේ නියෝජිත විශ්ව විද්‍යාලයේදී හැදෑරිය හැකි සුවිශේෂී උසස් අධ්‍යාපන පාඨමාලා පිළිබඳ තොරතුරු ඔබත් සමග බෙදා ගැනීමටත් මා ඉමහත් උනන්දුවෙන් යුතුව බලා සිටිනවා.” ECU Sri Lanka හි සාමාන්‍යාධිකාරී ඩේවිඩ් මැතිව්ස් මහතා පැවසී ය.

ශ්‍රී ලංකාවේ දශක දෙකකට අධික ඉතිහාසයක් සහිත ප්‍රමුඛතම පෞද්ගලික ආයතන දෙකක් වන Australian College of Business and Technology (ACBT) සහ Edith Cowan College (ECC) ද 2022 ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ප්‍රදර්ශනයට සහභාගී වෙයි. ශ්‍රී ලංකාවේදී හා ඕස්ට්‍රේලියාවේදී Edith Cowan විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හැදෑරීමට අවශ්‍ය වන පදනම් පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා ACBT සහ ECC අධ්‍යාපන ආයතන වලදී හැදෑරිය හැකි වේ.

ඕස්ට්‍රේලියානු අධ්‍යාපන ප්‍රදර්ශනයේදී සිසුන්ට තම අනාගත අධ්‍යාපන බලාපොරොත්තු සහනදායී හා නම්‍යශීලී ක්‍රමවේදයන් ඔස්සේ සැබෑ කරගත හැකි ආකාරය පිළිබඳව Edith Cowan විශ්ව විද්‍යාලයේ නියෝජිතයන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.

ලොව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Navitas විසින් Australian Education Expo ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. ඕස්ට්‍රේලියාවේ වෘත්තීය අධ්‍යාපන, මූලික උපාධි හා පශ්චාත් උපාධි අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලාංකික සිසුන් දැනුවත් කිරීම මෙම ප්‍රදර්ශනයේ මූලික ඉලක්කය වී තිබේ. Navitas දීර්ඝ කාලයක් තිස්සේ ලොව පුරා සිසුන්ට තම උසස් අධ්‍යාපන ඉලක්ක ළඟා කරගැනීමට අත්වැලක් වී ඇත.

Australian Education Expo වෙත පැමිණ අනාගත උසස් අධ්‍යාපන සාර්ථකත්වයේ මුල් පියවර තබන මෙන් එහි සංවිධායකවරු මෙරට සිසු සිසුවියන්ට ආරාධනා කර සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *