එන්නත්කරණයත් සමග ගැබිණි මව්වරුන්ට කොවිඩ් ආසාදනය විම පහළට

(කොළඹ, ලංකාපුවත්) – එන්නත්කරණයත් සමග ගැබිණි මව්වරුන්ට කොවිඩ් ආසාදනය විම බොහෝ දුරට අඩු වී ඇතැයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය පෙන්වා දෙයි. මරණ සංඛ්‍යාවද අඩු වී තිබේ.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

2020 වසරේ සිට මේ දක්වා ගැබිණි මව්වරුන් 12, 431 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇත.

වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙනි.

කොරෝනා ආසාදිත ගැබිනි මව්වරුන්ගෙන් සියයට 50 ක් එන්නත්කරණයට ලක් වි නොමැති බව සිදුකළ පරීයේෂණයකදි අනාවරණ වී ඇත. එමෙන්ම කොවිඩ් ආසාදිත ගර්භණි මව්වරුන්ගෙන් සියයට 70 කට රෝග ලක්ෂන පෙන්නුම් නොකරයි.

අධික රුධිර පීඩන. දියවැඩියාව වැනි නිදන්ගත රෝග වලින් පෙළෙන ගර්භණි මව්වරුන්ට කොවිඩ් ආසාදනය වීම සහ ඉන් ඇතිවන සංකුලතා වැඩි බව ඇය පැවසුවාය.

බූස්ටර් එන්නතින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කෙරේ. එබැවින් මෙතෙක් බූස්ටර් මාත්‍රාව ලබානොගත් ගර්භණි මව්වරුන් වේ නම් එය කඩිනමින් ලබාගන්නා ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ කෞෂල්‍යා කස්තුරිආරච්චි මහත්මිය ඉල්ලීමක් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *