(කොළඹ, ලංකාපුවත්) – රට තුළ ඖෂධ හිගයක් නොමැති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ඩොලරයේ අගයේ සිදුවූ වෙනස මත ඖෂධ මිල ගණන්වල සමානුපාතිකව යම් වෙනස්වීම් සිදුකළ යුතුව බවත් ඒ සඳහා අවශ්‍ය පියවර ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියි.
ඔහු මේ අදහස් පළ කළේ හෝමාගම පැවති උත්සවයකට එක්වෙමින්ය.