අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළ විෂයපථ සහ කාර්යයන් ගැසට්කර තිබේ.

පසුගියදා සිදුකෙරුණු නව අමාත්‍ය මණ්ඩල සශෝධනයට අදාළව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් අදාළ ගැසට් පත්‍රය නිකුත්කර ඇත. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දැව සංස්ථාව වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට ඇතුළතුකර තිබේ.

රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව, රක්නා ආරක්ෂණ ලංකා සමාගම, ජාතික ආරක්ෂක අරමුදල, රණවිරු සේවා අධිකාරිය සහ අපි වෙනුවෙන් අපි අරමුදල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතට ගැසට්කර තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ව්‍යසන කළමනාකරණය සදහා වූ ජාතික සභාව, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගැසට් කර තිබෙන්නේ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යටතටය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *