CL Synergy නව අධ්යක්ෂමණ්ඩල සාමාජිකයින්ගේ පත්කිරීම නිවේදනය කරයි

(කොළඹ, ලංකාපුවත්) –ඩිජිටල් තාක්ෂණය ඔස්සේජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සේවා සැපයීමේ කාර්යයේ නිරත දේශීය ප්‍රමුතම භාණ්ඩ ප්‍රවාහන විසඳුම් සැපයුම් ආයතනයක් වන CL Synergy Limited, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව සමාජිකයින් හය දෙනෙකුගේ පත්කිරීම නිවේදනය කළේ ය.

මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට මෙම සමාගම සීමිත වගකීම් සමාගමක සිට පොදු වගකීම් සමාගමක් දක්වා සංක්‍රමණය වීමට පූර්ණ සූදානමකින් යුතුව මූලික කොටස් නුකුතුව (IPO)සඳහා වන අනුමැතිය අපේක්ෂවෙන් පසුවේ. මෙම නව අධ්‍යක්ෂක වරුනගේ මගපෙන්වීම, අත්දැකීම් සහ ප්‍රවීණත්වය මෙම සමාගමේ මීළග සංවර්ධන ඉලක්කයන් සාර්ථක අයුරින් අත්පත් කර ගැනීම සඳහා විශාල ශක්තියක් සපයනු ඇත.

CL Synergy Limited හි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා එක් වූ ධර්ම ධීරසිංහ මහතා සභාපති ලෙස කටයුතු කරන අතර, නිරෝෂ් ද සිලවා, තිලාන් විජේසිංහ සහ සංජය බණ්ඩාර යන මහත්වරුන් ස්වාධීන/ විධායක නොවන අධ්‍යක්ෂකවරුන් ලෙස සහ උදාර විදානගමගේ, සහ අනුරාධ සූරිආරච්චි යන මහත්වරුන් විධායක අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරනු ඇත. තවද මෙම සියලුම සාමාජිකයන් සිය ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන් මෙන්ම ප්‍රමුඛයන්ද වේ.

මෙම නව පත්කිරීම සමගින් CL Synergy හි අධ්‍යක්ෂ මණ්ඩලය සම්පූර්ණ වන අතර, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ සම නිර්මාතෘ රොෂාන් සිල්වා, මූල්‍ය – අධ්‍යක්ෂ / සම නිර්මාතෘ ජනක උඩමුල්ල සහ අධ්‍යක්ෂ ෂෙහානි කුලතුංග යන මහත්ම මහත්මීන් මෙම සමාගෙමේ ආරම්භයේ සිට වසර 17ක කාලයක් පුරා සේවාවේ නිරත වේ.

මෙම නව පත්වීම් නිවේදනය කරමින් CL Synergy හි කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා පැවසූයේ, ”අපගේ නව අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් පිළිගැනීමට ලැබීම ගැන මම සතුටට වගේම ආඩම්බරයට පත් වෙනවා. විශේෂයෙන් අපගේ වර්ධනීය ගමන් මගේ මීළග අදියරට යාමට සැරසෙන මොහොතක මේ කීර්තිමත් වගේම දැනුම සහ දක්ෂතාවය ඇති සෑම අයෙකුගේම දායකත්වය තුළින් සියලුම පර්ශ්වකරුවන් හට ඉහළ වටිනාමක් ලබා දෙමින් CL Synergy සමාගම තිරසාර සහ වර්ධනීය යොමු කරනු ඇතැයි මම විශ්වාස කරනවා.”
ගෞරවනීය බැංකු කරුවෙකු ලෙස වෘත්තීය ජීවිතය ගොඩනගා ගෙන ඇති ධර්ම ධීරසිංහ මහතා, රාජ්‍ය සහ පෞද්ගලික අංශ ද්විත්වයේම සේවය කරමින් කීර්තිමත් වෘත්තීය ඉතිහාසයක් මෙන්ම අත්දැකීම් ඇති අයෙකි. එතුමන් Commercial Bank of Ceylon PLCහි සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සහ සහකාර අධිපති මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)විකල්ප විධායක අධ්‍යක්ෂකවරයෙකු ලෙසට ද කටයුතු කර ඇත. එමෙන්ම එතුමන් පිළිවෙලින් ආර්ථික විද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රපති සහ ප්‍රථම උපාධිය ලීඩිස් විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් හිමිකරගෙන ඇති අයෙකි.

අයෝජන බැංකු ක්ෂේත්‍රයේ ගෞරවනීය අයෙකු වන නිරෝෂි ද සිල්වා මහතා, වරලත් මූල්‍ය විශ්සේෂකයෙකු වන අතර, ෆ්‍රෑන්ක්ලින් සහ මාෂල් විද්‍යලයන් හි ආර්ථික විද්‍යාව සහ ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමිකරගෙන ඇති අයෙකි. වර්තමානය වන විට Horizon Partners හි කළමනාකර හවුල්කරුවකු ද වන එතුමන් මෙයට පෙර Ayojana Fund Management සහ Hatton National Bank PLC හි ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු ලෙස ද සේවාය කර ඇත.

ප්‍රමුඛ පෙළේ ආයෝජන බැංකුකරුවෙකු වන තිලාන් විජේසිංහ මහතා, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයේ (PPP) විශේෂඥයකු සහ ව්‍යවසායකයෙකි. ව්‍යාපාරික ලෝකය තුළ ප්‍රකට චරිතයක් වන විජේසිංහ මහතා කාර්මික ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යව සහ ව්‍යාපාර පරිපාලනය යන අංශ ත්‍රිත්වයේ ම උපාධිධාරියෙකි.තවද ආයෝජන බැංකුකරණය සහ දේපළ වෙළඳාම් සම්බන්ධයෙන් ද විශේෂඥයෙකු වන එතුමන් වර්තමානය වනඩවිට TWCorp (Private) Limited හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි, Sapphirus Lanka (Private) Limited හි සභාපති, සහ Ceylon Tea Trails (Private) Limited සහ MJF Leisure (Private) Limited යන ආයතන ද්විත්වයේ අධ්‍යක්ෂකවරයෙකි.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සහ ශ්‍රී ලංකා ගණකාධිකරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වන සංජය බණ්ඩාර මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයෙන් ගණකාධිකරණය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය සහ කොළඹ විශ්වවිද්‍යලයෙන් ව්‍යාපර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකරගත් අයෙකි. වර්තමානය වන විට එතුමන් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී වරුන්ගේ ආයතනයේ සභාපති, Prime Land Residencies PLCහි අධ්‍යක්ෂකවරයෙකු, BR De Silva and Co.හි හවුල්කරුවකු ද වන එතුමන් ආසියා සහ පැසිෆික් ගණකාධිකාරිවරුනගේ සම්මේලනයේ සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය යන ආයතන ද්විත්වයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු ද වෙයි.

ප්‍රවාහන සහ සැපයුම් දාම කාර්යයෙහි විශේෂඥයෙකු වන උදාර විදානගමගේ මහතා, CL Synergy (Private) Limited හි අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද සේවය කර ඇති අතර, වර්තමානයේදී එහි නව ධාරිතාවන් සම්බන්ධයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. වේල්ස් ට්‍රින්ට් ශාන්ත ඩේවිඩ් විශ්ව විද්‍යලයෙහි MBA උපාධිය හිමිරරගෙන් ඇති එතුමන්, වරලත් අලෙවිකරණ ආයතනය (CIM) සහ ඔස්ට්‍ර්ලියාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරි අයෙතනයේ සුදුසුකම් සහිත වූවෙකි.

ව්‍යාපාර සංවර්ධන විශේෂඥයෙකු වන අනුරාධ සූරියාරච්චි මහතා, CL Synergy (Private) Limited හි ප්‍රසම්පාදනය සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂක සාමාන්‍යාධිකාරි සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ලෙස සේවය කර ඇති අතර, සිය නව අත්දැකීම් තුළින් එතුමන් සතු කාර්යභාරය තවදුරටත් පුළුල් වී ඇත. මෙයට අමතරව APL Lanka (Private) Limited හි විකුණුම් කළමනාකරු (ශ්රීලංකාව/මාලදිවයින) සහ Maersk Logistics Lanka (Private) Limited හිජ්යෙෂ්ඨවිධායකවැනිභූමිකාවන්හි ද ඔහුකටයුතුකරඇත.

ඔහු වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. කර්මාන්තයේ දියුණුව සඳහා අනුරාධ දැක්වූ දායකත්වය හේතුවෙන් 2021 ජූලි මාසයේ සිට ක්‍රියාත්මකවන පරිදි වෙළඳ අමාත්‍යවරයා විසින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) භාන්ඩ ප්‍රවාහන උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ඔහුව පත් කරන ලදී.

CL Synergy Limitedසමාගම 2004 වසරේ දී CL Synergy (Private) Limited ලෙස අංග සම්පූර්ණ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් සෙල සංස්ථාගත කරනු ලැබූ අතර, සිය ගනුදෙනු කරුවන් සඳහා වෘත්තීය මට්ටමේ වශ්වසනීය සහ උසස් සේවාවක්සැපයීමේ අරමුණින් ඩිජිටලීකරණය වූ සේවාවන් ඔස්සේ ගනුදෙනුකරුවන් වෙත ඉතා සමීප, නම්‍යශීලී, ඉහළ තරගකාරී මිලගණන් යටතේ කාර්යක්ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් කැපවෙන සමාගමකි. සිය සේවා විවිධාංගීකරණයට ලක් කර ඇති CL Synergy සමාගම, ඒ යටතේ නැව් කළමනාකරණය, මෘදුකාංග විසඳුම් සහ අයෝජන අවස්ථා මෙන්ම තවත් නව්‍ය ව්‍යාපාර රැසක් ද ඇතුළත් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *