දේශීය කර්මාන්තකරුවා රැක ගැනීම රජයේ වගකීමක්

(කොළඹ, ලංකාපුවත්) – රට මේවන විට පත්ව ඇති තත්වයෙන් මිදීමට නම් දේශිය කර්මාන්තකරුවා රැකගනිමින් දේශීය නිෂ්පාදන ඉහළ නැංවිය යුතු බවත් කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.

එසේම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කර ගනිමින් ඔවුන් ඉදිරියටම ගෙන යාම ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා කළ යුතු ඉතා වැදගත් කාර්යක් බව ඇමතිවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් සඳහා පසුගියදා (09) කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති මූල්‍ය ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගිවෙමිනි.

කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන රජයේ සහන පදනම මත ජාත්‍යන්තර තත්ව සහතික ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෙදී සිටින තෝරාගත් කර්මාන්තකරුවන් 58 දෙනෙක් සඳහා 2021 වසරට අදාළව රුපියල් මිලියන 16 ක් මෙහිදී ප්‍රදානය කළේය. මෙම ව්‍යාපෘතිය මඟින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ඵලදායිතාව ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතභාවය ඇතිකිරීම, නිෂ්පාදන ප්‍රවර්ධනය, බලශක්ති කාර්යක්ෂමතාව ඇතිකිරීම අරමුණ වේ.

කර්මාන්ත අමාත්‍ය එස්. බී. දිසානායක මහතා එහිදී කියා සිටියේ පැවසුවේ පසුගිය වසර පුරා පැවති කොවිඩ් වැනි දරුණු වසංගත තත්වයකට මුහුණ දෙමින් දේශීය කර්මාන්ත දැඩි අපහසුතාවයකට පත්ව ඇති අවස්ථාවක වුවද මෙලෙස කර්මාන්තකරුවන් ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතික ලබාගැනීම යොමුවීම අපගේ සමස්ථ දේශීය කර්මාන්තකරුවන්ගේ දැඩි කැපවීම හා අධිෂ්ඨානය පෙන්නුම් කිරීමට සමත්වන බවයි.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, අධ්‍යක්ෂ උදාසිරි පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් හා කර්මාන්තකරුවෝ රැසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *