මාලිංගට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ තනතුරක්

(කොළඹ, ලංකාපුවත්) – මෙවර IPL තරගාවලියේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කර ඇත.

2021 වසරේ දී ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගත් මාලිංග, මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙන් අවස්ථා නවයක් පුරා කඩුලු 170ක් ලබා ගනිමින් IPL තරඟාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසද හිමිකම් කියනු ලැබේ.

2018 දී, ඔහු මුම්බායි හි පන්දු යැවීමේ උපදේශකවරයා විය.

ලසිත් මාලිංග මීට පෙර නිමා වූ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස තාවකාලිකව කටයුතු කරනු ලැබීය.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක කුමාර් සංගක්කාරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *