කියෙව් නුවරට පැය 35ක ඇඳිරි නීතිය

(කොළඹ, ලංකාපුවත්) – යුක්‍රේනයේ කියෙව් අගනුවරට පැය 35ක් සඳහා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර තිබේ.

අගනුවර නගරාධිපති විටාලි ක්ලිට්ස්කෝ ප්‍රකාශ කර ඇත්තේ, පවතින තත්වය අතිශය අසීරු සහ භයානක මට්ටමක් කරා පැමිණ ඇති බවයි.

එම තත්වය සැළකිල්ලට ගනිමින් ඇඳිරිනීතිය බලාත්මක කරන බව ඔහු සදහන් කර ඇත. රුසියානු ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන්ට සිදුවන හානිය අවම කර ගැනීම මෙහි අරමුණවේ.

පෙබරවාරි 24වනදා රුසියානු හමුදාව, යුක්‍රේනය ආක්‍රමණය කලදා සිට කියෙව් අගනුවර දරුණුතම සටනට මුහුණ මේවන විට මුහුණ දී ඇත. එසේම රුසියානු හමුදාව නගරයට එල්ල කරන ෂෙල් වෙඩි ප්‍රහාර ද උත්සන්න වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *