බැසිල් – මෝදි හමුවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(16) හමුව තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම හමුව සිදුවිය.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන ශ්‍රින්ග්ලා මහතා ද හමුවී සාකච්ඡා කළේය.

බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉන්දීය විදේශ ලේකම්වරයා හමුවූයේ සිය ඉන්දීය සංචාරය අතරතුරදීය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල , ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ,ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ යන අය ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ.

මුදල් අමාත්‍යවරයා සිය දෙදින නිල ඉන්දීය සංචාරයේ දී ඉන්දීය විදේශ අමාත්‍ය එස් ජයිශංකර් , මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් , ඉන්දීය නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී වික්‍රම් මිස්රි යන අය ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *