වොන්ගේ පිළිරුවට සිය දරුවන්ගෙන් සංවේදී පුෂ්පෝහාර

(කොළඹ, ලංකාපුවත්) – අභාවප්‍රාප්ත ඔස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වෝන්ගේ දරුවන් සිය මව සමඟ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙන් පිටත පිහිටි වෝන්ගේ පිළිරුව වෙත සංවේදී චාරිකාවක නිරත වී තිබේ.

52 හැවිරිදි වෝන් මාර්තු මස 04 වැනිදා තායිලන්තයේ Koh Samui දූපතේදී මිය ගියේය.

එතැන් සිට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ස්ථාපිත වෝන්ගේ ප්‍රතිමාව ඔහුගේ හිතවතුන් සහ රසිකයින් විසින් මල්වලින් සරසා ඇති අයුරු දක්නට ලැබේ. පන්දු යැවීමට සූදානම් වන වෝන්ගේ ප්‍රතිමාව 2011 වසරේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයෙහි ඉදිකරන ලදී.

පසුගිය අඟහරුවාදා, වෝන්ගේ දරුවන්වන ජැක්සන්, බෲක් සහ සමර් මෙන්ම බිරිඳ සිමෝන් කොල්හාන් ද එම පිළිරුව වෙත ගොස් පුෂ්පෝපහාර සිදු කර ඇත.

මේ අතර 20 හැවිරිදි සමර් වෝන්, ඇගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ, “සැමවිටම මෙහි අප සමඟ තාත්තා” යන ශීර්ෂ පාඨය සමඟ ස්මාරකයේ පවුලේ රූපයක් ද පළ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *