(කොළඹ, ලංකාපුවත්) –මේ වන විට ප්රමාණත් තරම් ගෘහස්ත ගෑස් සංචිත සිය සමාගම සතුව පවතින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එම සමාගමේ සභාපති, තෙසාර ජයසිංහ මහතා සඳහන් කළේ, කෙරවලපිටිය පර්යන්තය සතුව ප්රමාණවත් තරම් ගෑස් සංචිත පවතින බවය.
ඒ අනුව ඉදිරි දින 10 ඇතුළත ගෘහස්ත ගෑස් සිලින්ඩර් මිලියනයක් දිවයින පුරා බෙදාහැරිමට කටයුතු කරන බව සහභාපතිවරයා සඳහන් කළේය.
කෙසේවෙතත් ගෑස් ලබා ගැනීම සඳහා ඊයේ (23) දිනයේත් දිවයින පුරා විවිධ ප්රදේශවල දිගු පෝලිම් දක්නට ලැබුණි.