ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා ඊයේ (27) දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වීම සදහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා මෙලෙස දිවයිනට පැමිණ ඇත. ඔහු සමග එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් තිදෙනකු ඊයේ රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලට පැමිණි ඇති බව සදහන් වේ.

ඔහු අද(28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් යන මහත්වරුන් හමුවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *