අද පැය 13ක විදුලිය කප්පාදුවක්

(කොළඹ, ලංකාපුවත්) – අද (31) දිනය තුළ දිවයින පුරා විදුලිය ලබාදිය හැක්කේ පැය 11ක කාලයක් සඳහා පමණක් බව මහජන උපයෝගීතා කොමිසම සදහන් කරයි.

පවතින ඉන්ධන හිඟය සහ ජල හිඟය හේතුවෙන් විදුලි උත්පාදන කටයුතු අඬාල වීම නිසා අද දිනය තුළ පැය 13ක කාලයක් විදුලි කප්පාදුව සිදුකළ යුතු බවට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව ඊට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේය.

A,B,C,D,E සහ F කලාප සඳහා අලුයම 3.00 සිට උදෑසන 6.00 දක්වාත් දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වාත් පස්වරු 6.00 සිට රාත්‍රී 12.00 දක්වාත් විදුලි කප්පාදුව සිදුකරනු ඇත.

ඊට අමතරව G,H,I,J,K,L කලාප සඳහා අලුයම 12.00 සිට අලුයම 3.00 දක්වාත් පෙරවරු 8.00 සිට පෙරවරු 12.00 දක්වාත් පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වාත් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.

P,Q,R,S කලාප සඳහා අලුයම 3.00 සිට උදෑසන 6.00 දක්වාත් දහවල් 12.00 සිට පස්වරු 4.00 දක්වාත් පස්වරු 6.00 සිට රාත්‍රී 12.00 දක්වාත් විදුලි සැපයුම අත්හිටුවන අතර T,U,V,W කලාප සඳහා අලුයම 12.00 සිට අලුයම 3.00 දක්වාත් උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වාත් පස්වරු 4.00 සිට රාත්‍රී 10.00 දක්වාත් විදුලි කප්පාදුව සඳහා සැලසුම් කර තිබේ.

ඊට අමතව M,N,O,X,Y,Z කලාපවලට පෙරවරු 5.30 සිට උදෑසන 9.00 දක්වාත් පස්වරු 4.00 සිට පස්වරු 6.00 දක්වාත් විදුලි සැපයුම අත්හිටුවන අතර කොළඹ නගරය ආශ්‍රිතව පෙරවරු 6.00 සිට පෙරවරු 9.30 දක්වාත් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *