මෙරට සමෘද්ධි බැංකු පද්ධතියේ වෙනසක්

(කොළඹ, ලංකාපුවත්) – මෙරට සමෘද්ධි බැංකු බද්ධතිය ජනතාව සඳහා කඩිනම් සේවාවක් ලබා දීමේ නව හැරව්ම් ලක්ෂයක් කරා ගෙන යාම සමෘද්ධි අමාත්‍යාංශයේ අරමුණ බවත් සමෘද්ධි අමාත්‍යාංශය මගින් මේ වන විට බැංකු පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා නව වැඩ සටහන් රාශ්‍රියක් හදුන්වා දී ඇති බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ අනුව මේ වන විට සමෘද්ධි අමාත්‍යාංශය මගින් දිවයින පුරා සමෘද්ධි බැංකු ජාල ගත කිරීම ආරම්භ කර ඇති බවත් අවම ලියකිවිලි සහ අවම පොලිය යටතේ යටතේ මූල්‍යාමය පහසුකම් සමෘද්ධි බැංකුව හරහා ජනතාව හට ලබා දීමට අවශ්‍ය පසු බිම නිර්මාණය කර ඇති බව ද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

පසුගියදා(29) පස්යාල සමෘද්ධි බැංකුවේ නිරික්ෂණය චාරිකාවක නියෙලිමින් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

“මීට පෙර සමෘද්ධි බැංකුව ගැන විශ්වාසය තිබුණේ සුලු පිරිසක් අතර පමනයි. වර්තමානය වන විට අපි එය සමස්ත ලාංකිකයින් අතරට ගෙන යන්න කටයුතු කරලා තිබෙනවා. අද වන විට ගණු දෙණු කරුවන් විශාල වශයෙන් මුදල් අප බැංකු පද්ධතිය තුල තැම්පත් කරන්නේ අන්න ඒ විස්වාසය මතයි. අපි මේ වන විට දිවයින පුරා සමෘද්ධි බැංකු ජාල ගත කිරීම් සිදු කරමින් යනවා. ඒ වගේම අපගේ ගණුදෙණු කරවන් සඳහා පහසු ණය ලබාදීම් , තම මුදල් කඩිනම්න් ගබා ගැනීම අවස්ථාව ලබා දී තිබෙනවා.

ඒ වගේම අපි ඉදිරියෙදී සමෘද්ධි බැංකු ගණුදෙණුකරුවන් සඳහා ඉලෙක්ට්‍රොනික් බැංකු කාඩ් පතක් ලබා දීමට අපේක්ෂා කරනවා. සියලු බැංකු හා තරගකාරි තත්ත්වයට සමෘද්ධි බැංකු පද්ධතියක් කඩිනමින් ගෙන ඒමයි අපේ අරමුණ.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *