(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් සමග අදහස් හුවමාරුකර ගැනීම ඉදිරි දින කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිත බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් මහතා පැවසීය.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන මූල්‍ය වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාව කැමැත්ත පළ කර ඇත. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාගේ අප්‍රේල් මාසයේ වොෂින්ටන් ඩීසී සංචාරයේ දී එම වැඩසටහන් සාකච්ඡා ආරම්භ කරන්නෙමු.” යනුවෙන් ජෙරී රයිස් මහතා වැඩිදුරටත් සදහන් කරයි.
Sri Lanka has expressed interest in an IMF-supported financial program. We will initiate program discussions with the authorities, including during the Finance Minister’s visit to Washington, DC in April. pic.twitter.com/EfsVlWaPu3
— Gerry Rice (@IMFSpokesperson) March 31, 2022