(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩ භාරගැනීමට නියමිත බව බීබීසී පුවත් සේවය වාර්තා කරයි.
එම පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ තමාට එම තනතුර භාර ගන්නා ලෙස ආරාධනා කළ බවත් තමා ඊට එකඟ වූ බවයි. ඒ අනූව, නන්දලාල් වීරසිංහ මහතා බ්‍රහස්පතින්දා (07) වැඩ භාරගැනීමට නියමිත බවත් සදහන් වේ.