අර්බුදය විසඳා ගැනීමට කථානායකගෙන් යෝජනා 03ක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා කථානායකවරයා විසින් පක්ෂ නායකයන්ට යෝජනා තුනක් ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිවරයා ඉල්ලා අස් වී පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු පත් කර ගැනීම, අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන යෝජනා තුන කථානායකවරයා මෙහිදී ඉදිරිපත් ඇති අතර එය ද ක්‍රියාත්මක කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් කථානායකවරයා පෙන්වා දී තිබේ. රට තුළ පවතින අර්බුදකාරි වාතාවරණය සම්බන්ධයෙන් අද (06) සහ හෙට (07) දෙදින පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයක් පැවැත්වීමට ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවකට පත්ව තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ තීරණයට එළැඹ ඇත.

පත් වී තිබෙන තත්ත්වය කෙසේද නිරාකරණය කර ගන්නේ යන්න මෙහිදී අවදානය යොමු වූ බවත් එහෙත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවකට නොපැමිණි බවත් හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පාර්ලිමේන්තුව තුළ ජනතාවට දකින්ට පුළුවන් ආකාරයට සාකච්ඡා කර පසුව අවසන් තීන්දුවකට පැමිණීම සියලු දෙනාගේ අදහස වූ බව රණතුංග මහතා කියා සිටියේය. එහිදී පවතින අර්බුදය සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ගේ අදහස් හා යෝජනාද ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයා ඉල්ලා අස් වී පාර්ලිමේන්තුව තුළින් ජනාධිපතිවරයකු පත් කර ගැනීම, අන්තර්කාලීන ආණ්ඩුවක් ඇති කිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන යෝජනා තුනක් කථානායකවරයා මෙහිදී ඉදිරිපත් ඇති අතර එය ද ක්‍රියාත්මක කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් කථානායකවරයා පෙන්වා දී තිබේ. පවතින ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බවත් එහෙත් පාර්ලිමේන්තුව තුළින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට යෝජනාවක් සම්මත කරගෙන ඉදිරිපත් කළ ද එය ඉවත දැමීමට ජනාධිපතිවරයාට හැකියාවක් ඇති බව ද එහිදී පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *