(කොළඹ, ලංකාපුවත්) – රටතුල උද්ගත වී ඇති අර්බුදකාරී තත්වය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
දිවයිනපුරා ජනතාව සහභාගී කර ගනිමින් විවිධ ප්‍රදේශයන්හි සංවිධානාත්මකව උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරමින් පවතින අතර එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ කණ්ඩායම් දෙකක් කටයුතු කරන බව ආරක්ෂක අංශ විසින් හදුනාගෙන ඇති බව ඔහු පවසයි.
එක් කණ්ඩායමක් සාමකාමී අයුරින් උද්ඝෝෂණය පවත්වාගෙන යනු ලබන අතර අනෙක් කණ්ඩායම සිතාමතාම රජයේ පොදු දේපල වලට හා විවිධ පාර්ශවයන්ගේ පෞද්ගලික දේපලවලට හානි පමුණුවමින් ජනජීවිතයට අපහසුතා ඇති වන පරිදි කටයුතු කරන බවයි ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දෙයි.
එවැනි ආකාරයේ කඩාකප්පාල්කාරී ක්‍රියාවන්ට එරෙහිව අද සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සිය විශේෂ ප්‍රකාශයෙන් අවධාරණය කර සිටියි.