සියඹලාපිටියගේ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි

(කොළඹ, ලංකාපුවත්) – රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා ඉදිරිපත් කළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රතික්ෂේප කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කිරීමටත් ඔවුන් දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් තීරණය කර තිබිණ.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකිවඉදිරියට රැගෙන යා යුතුව තිබේ. එම නිසා නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීමට රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කර ඇති ලිපිය ප්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

කොටුව ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (05) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව දැන්වීය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ එකඟතාව මත, ඉදිරියටත් නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කරන බව රංජිත් සියඹලාපිටිය මහතා විසින් සඳහන් කරනු ලැබිණ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එම පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *