(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජයබහලු පර්යන්තයේ සිදුවූ බහලු මෙහෙයුමක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයන්හි හා විද්‍යුත් මාධ්‍යහි සංසරණය වන වීඩියෝව හා සම්බන්ධ ප්‍රවෘත්තියේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය අවධාරණය කරයි.
එම වීඩියෝවේ ඇතුලත් බහලු මෙහෙයුම ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි විනාශ කිරීම සඳහා ඉවතලන විකිරණශීලී පුපුරණ ද්‍රව්‍ය (ගණය අංක – 07) නැවත සුරක්ෂිතව නැව්ගත කිරීම සඳහා ප්‍රවාහනය කරන අවස්ථාවක් බව සදහන් කෙරේ.
අංක 07 ඝනයේ පුපුරණ ද්‍රව්‍ය හෝ අංක 01 ගණයේ විකිරණශීලී ද්‍රව්‍ය මෙහෙයුම් කිරීම හෝ ප්‍රවාහනය කිරීමේදී, එය විශේෂ කාර්ය බලකායේ ඒ සම්බන්ධයෙන් පුහුණුව ලත් සාමාජිකයන්ගේ අධික්ෂණයෙන් යුතුව ප්‍රවාහනය හෝ මෙහෙයුම් සිදු කිරීම සාමාන්‍ය පිළිවෙත බව වරාය අධිකාරිය පවසයි.
එබැවින් අදාළ වීඩියෝව හා සම්බන්ධ ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වැඩිදුරටත් සදහන් වේ.